මගේ ලොවටද වඩින්නේ.....?

Thursday, July 28, 2011
මට කදුලු උරුම කරලා
ඔබ යන්න එපා මිදිලා
මියැදුනත් ඔබව හැරදා
මම නොයමි ඉතින් කිසිදා
යව්වනේ මල් වසන්තේ
මගේ ලොවටද වඩින්නේ
හිත ආදරෙන් පිරෙන්නේ
මේ අත්තමයි කියන්නේ
මගේ ලොවටද වඩින්නේ

තනිකම උරුම කරගන්නම්....

Wednesday, July 27, 2011
හමුවන්න පෙර ඔබම
වෙංවන්න සිතුවද
ආදරේ සිතුවද
සිත පාරවන තරම
කදුලු පිරි මේ දෙනෙත්
ඔබට නොකිවද කියන්
නොපෙනුනත් මගේ හද
දෙනෙත් දුටුවේ අයිද
යන්නම සිතුනි නම් ඔබට
යන්න රත්තරන් ඉතින්
තනික්‌මට උරුමකම්
කියන්නම් සදා මන්..

කවි සිත

Tuesday, July 26, 2011
කවි සිතට සමවැදුනු
හැගුම්බර මතකයකි
දෑස්‌ අතරින් පහවූ සිහිනය
යලි දකින්නට
ගෙතිය හැකි නම් අහිංසක ගී පද
ගොතමි හැම දින
හදවතට දුක දැනෙන වාරෙක
මට මගේ යයි සිතෙන මතකය
සිතෙන සෑම දෙන
නිසාවෙන් කවිය හුදෙකලා වග
දරා ගතිමි
මේ ලොවින් මියෙන තුරු
හදවතේ ආදරය සගවා
බලා හිදිමි තනි තරුව....♥

නුබෙ සෙනෙහෙ

Sunday, July 24, 2011
පුංචි සිනා හද රදවන්
නුබේ නුවන් දකින ලෙසින්                
අද දිනයෙත් හෙට දිනයෙත්
නුබේ හදවත ගැන සිතමින්
රැ තරුවන් නිල් අහසත්
සම කලාට නුබේ සෙනෙහේ
මට දැන් මුලු ලෝකයමත්
නුබ පමනයි සසර දිගේ..♥

සත්තමයි මම ආදරෙයි..!

එකම කවිය නුබම විය.....

Saturday, July 23, 2011
යලිත් කිසි දිනෙක හමු නොවන
අහිංසක මතකයන් වී සැගව
ගිය නුබ
නිසල කවියක්‌ම විය
මගේ පත් ඉරු පුරාවට
සුවහසක්‌ ප්‍රාර්තනා
හදේ තෙරපෙන
හීන තොටුපල අද්දර
කදුලත් සතුටත් 
දුන්නු එකම කවිය
නුබම විය මේ 
තනි තරුවට

කවි රුව

පායන රන් සදවන් ඔබ
අදුරු වලා පෙල අතරේ
නෙතු සනසන තරුවකි මම
ඔබෙ කුටියේ කවුලු ඉමේ
ඇදී මැකෙන දේදුන්නකි
ඔබ මකරන්දය පිරි අහසේ
සිහිවටනය ඔබයි මෙමට
මගේ සදා ආදරයේ
හද අඩවන සිහිනයකි නුබ
නෙතු පියවෙන නිසල රැයේ
අරුතක්‌ නැති පදයක්‌ ඔබ
කවියක්‌ තුල පංහිදගේ
හද පතුලෙම ඇදුනු රුවකි
දෝත පොවනු බැරි මානේ
සොයා දිවෙන මිරිගුව ඔබ
පායන මේ තනි තරුවේ..